හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ලොහාන් රත්වත්තේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේ දී මියගිය බව පවුලේ ආරංචි මාර්ග කියයි. රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රත්වත්තේ මහතා අද දහවල් මියගොස් ඇත
මහනුවර දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආ ඒ මහතා මිය යනවිට 57 වියෙහි පසුවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී වරයකු ලෙස දේශපාලනයට ආ ලොහාන් රත්වත්තේ මහතා , පසුව මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස තේරී පත්වී රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්ද හෙබවීය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේද සමීප ඥාතියකු වන ලොහාන් රත්වත්තේ මහතා මහන්ද රාජපක්ෂ රජය යටතේ වැවිලි රාජ්‍ය අමාත්‍ය ධූරයද ,පසුව මෛත්‍රීපාල සේනානායක යහපාලන රජය යටතේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයද හොබවන ලදි.
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
Former State Minister Lohan Ratwatte passes away