gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සකස් කෙරේ!

රජයේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් දූෂණ චෝදනා මත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීම සඳහා වන අධි චෝදනා පත්‍ර සකස් කරමින් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව උපුටමින් ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.

පසුගිය සතියේ, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත විසින් වාර්තා කර තිබුණේ, 2015 වසරේදී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සම්බන්ධයෙන් සිදු වූ බව කියන අරමුදල් අවභාවිතයක් පිළිබඳව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇති බවයි.

අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන අටක (රු. 8,000,000) මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

අදාළ කාලසීමාව තුළ එම ටෙන්ඩරය පිරිනමන ලද ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි මහතා කටයුතු කර ඇත.

අදාළ ගෙවීම් සිදු කර ඇති ආකාරය සහ තැන්පත් කර තිබූ ඇපකර බැඳුම්කරය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම ටෙන්ඩරය පිළිබඳ විමර්ශන කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka