gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

KIA - කාර් නොලද පාරිභෝගික සාකච්ඡා අසාර්ථකයි; ඇන්ඩෘ නොකියාම මාරු; ලොක්කෝ 3කට නඩු!

දේශපාලඥයින් මෙන්ම, ජනතාව රැවැටීමට මෙරට වාහන වෙළෙන්ඳන් පසුබට නොවන බව යළි පසක්කරමින් KIA ශ්‍රී ලංකා ආයතනයද ජනතාවට වාහන ගෙන්වා දෙන බව කියමින් ඔවුන්ගෙන් මුදල්ගෙන ඔවුන් රැවැටීමට කටයුතු කර ඇති බව මේවන විට ඔප්පුවී තිබේ.

අදාළ ආයතනය සමඟ පාරිභෝගිකයන් 30 දෙනෙකු පමණ සිදු කළ සියලුම සාකච්ඡා බිඳවැටී ඇති අතර ඔවුන් KIA ශ්‍රී ලංකා ආයතනය, එහි සභාපති මහේන් තම්බයියා, කළමනාකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා හා ක්‍රියාකාරී නොවන අධ්‍යක්ෂ රනිල් පතිරණට එරෙහිව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමටත්, නඩුකරයක් පැවරීමටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ එම සමාගම විසින් ඔවුන්ට “2025 Kia Sonet GT Line” මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් ඔවුන්ගෙන් ලබාගත් ලක්ෂ 5ක මුදල නැවත එලෙසම ලබාදීම වෙනුවට එයට පොලී මුදලක් ලබාදෙන ලෙස හෝ අදාළ මෝටර් රථය ගෙන්වීමට නොහැකි නිසා ලබන සැප්තැම්බර් මාසයේ ගෙන්වීමට නියමිත මේ මෝටර් රථ කාණ්ඩයේ වැඩිදියුණු කරන ලද රථය සාධාරණ මුදලකට ලබාදෙන ලෙසයි.

මෙම පාරිභෝගිකයන්ට “2025 Kia Sonet GT Line” මෝටර් රථයක් ගෙන්වා දීමට KIA ශ්‍රී ලංකා ආයතනය එකඟව තිබුණේ රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක් වැනි මුදලකට වන අතර එම මෝටර් රථය ගෙන්වාදීමට ආයතනයට නොහැකි බැවින් අදාළ කාණ්ඩයේම වැඩිදියුණු කළ රථය එක්කෝටි තිස්නම ලක්ෂයකට ගන්නා ලෙස දැනට පාරිභෝගිකයන්ට යෝජනා කර තිබේ.

කෙසේවුවද, අදාළ යෝජනාවට එකඟ නොවූ පාරිභෝගිකයන් කියා සිටින්නේ මෙසේ ගෙන්වාදෙන මෝටර් රථයේ අනුරුවක් හෝ නොමැතිව මේ යෝජනාව කර ඇති බවයි.

කෙසේවුවද, අදාළ ගැටයට හිරවූ ඇතැම් කර කියාගත නොහැකි පාරිභෝගිකයන් පිරිසක් වැඩිමුදලට හෝ රථයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් තැන්පත් කළ මුදල එලෙසම තබා ඇතැයි පැවසේ.

මේ අතර, පිරිසක් කිසිදු වැඩි මුදලක් නොඉල්ලා ලැබෙන මුදල අරගෙන අතපිසදාමගෙන ඇතැයි ද පැවසේ.

කෙසේවුවද, KIA ශ්‍රී ලංකා ආයතනයේ පාරිභෝගිකයන් සමඟ ඇති පැටිකිරිය එතරම් හොඳ එකක් නොවන බවද පැවසේ.

මීට පෙර, බේරුවල, පල්ලිය පාර, නොම්බර 02 හි පදිංචිව සිටි, වෛද්‍යවරයකු වූ ඩබ්ලිව්.ඩබ්ලිව්. ගුණරත්න නැමැත්තාට දෝෂ සහිත මෝටර් රථයක් ලබාදීම නිසා ඔහු පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් යොමුකර අදාළ මෝටර් රථයට අලුත්ම මෝටර් රථයක් KIA ශ්‍රී ලංකා ආයතනයෙන් ලබා ගැනීමට සමත්ව තිබේ.

පාරිභෝගික අධිකාරිය විසින් අදාළ වෛද්‍යවරයාට අලුත් මෝටර් රථයක් ලබාදෙන ලෙස නියම කර තිබුණද, එම තීන්දුව ක්‍රියාත්මක කරගෙන ඇත්තේ අධිකරණයේ නඩුකරයකින් පසුව බවද වාර්තා වේ.

මේ අතර, අසාධාරණයට ලක්වූ කියා පාරිභෝගිකයන්ට කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා, සාකච්ඡාවක් ලබාදී පසුව විවිධ කරුණු දක්වමින් මඟ හැර ඇති බවද වාර්තා වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka