gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම දුමින්ද සිල්වාට සමාව දෙනවා, මං ළඟ වෛරයක් නෑ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

තමන්ට අවස්ථාවක් තියෙනවා නම්, තමා දුමින්ද සිල්වාට සමාව දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් හා පැවති (3 Minutes – SEPAL AMARASINGHE) සාකච්ඡාවකට එක්වෙමින්.

තමන් තුළ වෛරයක් නොමැති බවත් බෞද්ධාගමේ එන ඉගැන්වීම් අනුව තමන් මෙයාකාරයෙන් හිත එකඟකරගෙන ඇති බවත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා….

”මේ ළඟදී මගෙ අම්මත් එක්ක කතා කරනකොට මම කිව්වා, මම කොච්චර මගෙ හිත තැනකට ගෙනල්ලා තියෙනවද කියනවා නම්,,, කොටින්ම මට අවස්ථාවක් තියෙනවා නම් මම දුමින්ද සිල්වාටත් සමාව දෙනවා… මේකට මට අවස්ථාවක් නෑ… මං මේක කොහෙවත් තැනක කියලා නැතුව ඇති…. මම කියන්නෙ මට අවස්ථාවක් තියෙනවා නම්… මට එහෙම ජනාධිපති සමාවක් දෙන්න බෑනෙ.

මම එක ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරනකොට උන්වහන්සේ කිව්වා පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ව මරනවා. අපි හිතමු ”A” කියන කෙනා ”B” කියන කෙනාව මරනවා. හැම කෙනාම බනින්නෙ ”A” කියන කෙනාටනෙ. මරපු එක්කෙනාටනෙ බනින්නෙ. හැබැයි අපි අනුකම්පා කරන්න ඕනි ”A” කියන එක්කෙනාට.

ඇයි දන්නවද, බෞද්ධයෝ විදියට මම මේ කියන්නෙ,, අරයා අතනින් එයාගෙ කරුමෙ ගෙවලා ඉවර කළා. නමුත් අරයා තවත් කරුමයක් ආරම්භ කළා…”

”මට වෛරය කියන දේ ඇත්තටම නෑ. මට වෛරය කියන දේ නැති වුණේ, මගෙ පුතාව හම්බුණු දවසෙ. මගේ පුතාට කිරිදෙනකොට මම හිතුවා,, මගෙ තාත්තා ඝාතනය කළ පුද්ගලයා මේ විදියට එයාගෙ අම්මා අතේ ඉඳන් කිරි බොන්න ඇති නේද… එතකොට ඒ අම්මා වුණත් කවදාවත් හිතන්න නැතුව ඇතිනෙ පුතා මෙහෙම වෙයි කියලා….”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka