gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාටත් හොරා රනිල් බලන්න ගියද.? අගමැතිනියගෙන් පිළිතුරු!

තමා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලිමට ජාතික රෝහල ගිය බවට සාක්ෂි තිබෙනම් ඉදිරිපත් කරන ලෙස අගමැතිනි හරිනි අමරසුරිය පවසනවා.

ප්‍රවෘත්තියක් නිර්මාණය කිරිමට සාක්ෂියක් අවශ්‍ය බව පැවසු අගමැතිනිය සාවද්‍ය පුවත් නිර්මාණය කිරිම සම්බන්ධයෙන් ඉදිරියේ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවන බව පවසා සිටියා.

තමා රටේ අගමැතිනිය ලෙස හොර රහසේ ගමන් යා නොහැකි බවත් තමා පවසන්නේ බොරු බවට ඔප්පු කර පෙන්වන ලෙස එම මාධ්‍ය නාලිකාවට අභියෝගයක්ද කර සිටියා.

ඔහුගේ තත්වය ගිය අයගෙන් තමයි අහන්න වෙන්නේ.ඊයේ අගමැති කාරියාලය එයට නිසි පිලිතුරක් දුන්නා.සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට ඉදිරියට ක්‍රියාමාර්ග ගන්න වෙනවා.මම කියන්නේ මම ගියානම් ප්‍රවෘත්තිය පාදක වෙන සාක්ෂියක් තියෙන්න ඕනි එය ඉදිරිපත් කරන්න.එහෙම ප්‍රවෘත්ති අහසින් නිර්මාණය කරන්න බැහැ නේ.ගියානම් කොහෙන්ද ඒ තොරතුර ආවේ මාව දැක්කද .අගමැතිනිය ලෙස මට ඕන ඕන තැන්වලට යන්න බැහැ.ඒ නිසා මට හෙරේන යන්න බැහැනේ කොහෙටවත්.මම ගියා කියලා ඔප්පු කරන්න.ඒ මාධ්‍ය නැද්ද අද.මම අභියෝග කරනවා මම ගිය බව ඔප්පු කරන්න.එතකොට හරිනේ ප්‍රශ්නේ විසදෙනවා මම වැරදි.මම බොරු කියනවා කියලා ඔබතුමාලා ඔප්පු කරන්න.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදින් විසින් ඊයේ අගමැතිනිය සම්බන්ධයෙන් පළවු සාවද්‍ය පුවත පිළිබඳ විමසු අවස්ථාවේදී මෙලෙස පවසා සිටියා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka