දූෂිත දේශබන්දු නෙරපීමේ යෝජනාව ජනපති අතට!
2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.
දූෂිත දේශබන්දු නෙරපීමේ යෝජනාව ජනපති අතට!
2025-08-06T10:49:00+05:30
Gossip Lanka Hot News





