පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භය සම්බන්ධයෙන් එම ආයතනය හෙට (අගෝස්තු 02) පෙරවරු 10.00ට මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබේ. මේ මාධ්‍ය සාකච්ඡාව හරි අපූරු එකක් වන අතර ඒ අදාළ ව්‍යාපෘතියේ ප්‍රධානම හවුල්කාර සමාගම් දෙකේ ප්‍රධානම චරිතවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති-ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ගෙන් හෝ මෙල්කෝ පීබීඑල් එන්ටර්ටේන්මන්ට් (මැකාවු) ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතාගෙන් සජීව ප්‍රශ්න ඇසීමට නොහැකි වීම නිසාය.
ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න අසන්නේ නම් මෙහි මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනය විසින් මාධ්‍යවෙත සපයා ඇති QR කේතය ස්කෑන් කර එයට අදාළ ප්‍රශ්නය ලිඛිතව යැවිය යුතුය.
අදාළ උපදෙස් ලබාදී තිබුණේ ඉකුත් ජුලි 29 වැනිදාට පෙර යවන ලද ආරාධනා ව මගිනි.
ඉන් පසුව ඔවුන් විසින් එයට පිළිතුරු දෙන්නේද නැද්ද යන්න තීරණය කරනු ලබයි.
කිසිදු ප්‍රශ්නයක් ඇසීම අවස්ථාවක් ද නැතැයි ආරාධන කොන්දේසිවල දැක්වේ.
වවුලාගේ මගුල්ගෙදර ගියානම් එල්ලිලා හිටපං…
එසේම, අදාල මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන ඇඩ් ෆැක්ටර් ආයතනය විසින් ඔවුන් විසින් කලින් යවනු ලැබූ ආරාධිත මාධ්‍ය ප්‍රධානීන් සදහා අද (01) දුරකථනයෙන් දන්වා ඇත්තේ ඔවුන් විසින් කියන තෙක් කිසිදු ඡායාරූප ශිල්පියකුට ඔවුන්ගේ කැමරාව භාවිතා කළ නොහැකි බවයි.නොඑසේ නම් ඔවුන් ඉඳගත් තැනින් නැගිටින්නට කියනතෙක් ඔවුන් ඈදිගත් ස්ථානයේම ඈදිගෙන සිටිය යුතු බවයි.
මේ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැඩි විරෝධයක් දක්වා ඇති අතර ඇතැම් මාධ්‍යවේදීන් ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනයේ නියෝජිතයන්ට බැණවැදී ඇති බවයි.
කෙසේවුවද, අදාළ ආරාධිත මාධ්‍ය ආයතන බොහොමයකටම COD නමින් දැන්වීම් ලබාදී ඇති බැවින් ඔවුන්ට අදාළ මාධ්‍ය හමුව වර්ජනය කිරීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවද මේ අතර වාර්තා වේ.
City of Dreams Sri Lanka මාධ්‍ය ආරාධනය සමඟ ඔවුන් විසින් පණවා තිබූ කොන්දේසි කිපයක් පහත දැක්වේ.
“පහත සඳහන් ප්‍රධාන උපදෙස් සටහන් කර ගන්න.
• මාධ්‍ය ලියාපදිංචිය පෙ.ව. 9 ට ආරම්භ වන අතර සියලුම මාධ්‍ය නිලධාරීන් නියමිත වේලාවට පැමිණ සිටිය යුතුය.
• සියලුම මාධ්‍ය නිලධාරීන් අනිවාර්යෙන් වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් රැගෙන ආ යුතුය.
• සෑම මාධ්‍ය ආයතනයකින්ම/වේදිකාවකින්ම එක් පුද්ගලයෙකුට පමණක් අවසර දෙනු ලැබේ.
• මාධ්‍ය හමුවෙන් පසු සිහින නගරයේ විශේෂ සංචාරයක් සංවිධානය කර ඇත. සියලුම මාධ්‍ය නිලධාරීන්ට සහභාගී වීමට ආරාධනා කෙරේ. කෙසේ වෙතත්, ක්‍රීඩා ප්‍රදේශ තුළ ඡායාරූපකරණය හෝ වීඩියෝකරණය සඳහා අවසර දෙනු නොලැබේ.
• Quizine හි නමවැනි මහලේ සංචාරයෙන් පසු දිවා ආහාරය සඳහා අප හා එක්වන ලෙස අපි සියලුම මාධ්‍යවේදීන්ට ආරාධනා කරමු.
ඉංග්‍රීසි භාෂාවෙන් සකස්කර මාධ්‍ය ආයතන වෙත යොමුකර තිබූ සම්පූර්ණ ආරාධනා පත්‍රය හා ප්‍රශ්න ඇසීමේ QR ඛේතය පහත දැක්වේ.
Dear ————-,
We are pleased to invite you to the official Grand Opening Press Conference of City of Dreams Sri Lanka, Colombo’s newest and most iconic integrated lifestyle destination.
Date: Saturday, 2nd August 2025
Time: 10:00 AM onwards
Venue: City of Dreams, Port City Colombo
Dress Code: Formal
Please note the following key instructions.
• Media Registration commences at 9am and we require all media personnel to be present on time.
• All media personnel must carry a valid media ID.
• Only one person will be permitted from each media institution/platform.
• A special tour of the City of Dreams has been arranged after the press conference. All media personnel are invited to attend. However, no photography or videography will be permitted inside the gaming areas.
• We invite all media to join us for lunch after the tour at Quizine, on Level 9.
Also attached to this email is a QR code that can be scanned and filled out, if you have any questions for either Mr.Krishan Balendra, Chairperson-CEO of John Keells Holdings PLC or Mr.Lawrence Ho, CEO of Melco PBL Entertainment (Macau) Limited. This would need to be submitted on or before 6pm on 29th July 2025. Please note that there will be no Q&A session during the press conference and we encourage all media to send in their questions beforehand.
Please RSVP via email with the name of attendee and contact number on or before 6pm on Monday 29th July 2025.
We look forward to welcoming you to this historic occasion.
-srilankamirror
city of dreams sri lanka press conference