gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාඨලී චම්පික සිව්රු හැරවා මණ්ඩලේ වැඩට දාලා!

ඊයේ (6) පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත් විවාධයට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා පැවසූවේ හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යධූරය දරනා සමයේ විහාරස්ථානවල පැවිදි වී සිටි හිමිවරු සිවුරු හැරවා ගෙනවිත් විදුලි බල මණ්ඩලයේ රැකියා ලබාදී තිබෙනා බවයි.

“මේ විදිලි බල මණ්ඩලය පාඩු කළේ පහුගිය රජයන්වල හිටපු නායකයෝ. මෛත්‍රීපාල සේනානායක විදුලිබල ඇමති උනා. මැදවච්චියෙන් සෙනඟ පිරෙව්වා. අනුරුද්ධ රත්වත්තේ ආවා. මහනුවරින් සෙනඟ පිරෙව්වා. යහපාලනේ පී දයාරත්න ආවා. චන්දෙ ඉල්ලුවේ අම්පාරෙන්. අම්පාරෙන් සෙනඟ පිරෙව්වා. පදිංචි වෙලා හිටියේ පොල්ගස්ඕවිට. පොල්ගස්ඕවිටින් සෙනඟ පිරෙව්වා.

පාඨලී චම්පික රණවක, ධර්ම රාජ්‍යට ගිය මන්ත්‍රීවරයා. විහාරස්ථානවල ස්වාමින්වහන්සේලා සිව්රු ඇරවලා මේ විදුලි බල මණ්ඩලේ සේවකයෝ බවට පත්කළා. පස්සේ කෝල් එකක් දීලා කියනවා හිමි නමක් ඔය ඇවිල්ලා තියෙන්නේ බරපතල වැඩ ගන්න එපා කියලා. ඒ වගේ තමයි මේ අය විදුලි බල මණ්ඩලයට සේවකයෝ පිරෙව්වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka