2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ.
අදාල අනුකූල නොවන කටයුතු වල ස්වභාවය හා බැරෑරුම් කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තා කරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2025 වර්ෂයේ ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ කාල පරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන හ යයි දශම පහ (රු. 6,500,000.00) කි. එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදි.
1. ජාතික ඉතිරි කිරීමේ බැංකුව
දණ්ඩනය පනවන ලද දිනය : 2025 අප්‍රේල් 16
වටිනාකම : රු. 3,500,000.00 (රුපියල් මිලියන තුනයි දශම පහකි)
දණ්ඩනය ගෙවන ලද දිනය : 2025 මැයි 02
දණ්ඩනය පැනවීමට හේතුව : පහත දැක්වෙන පරිදි 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රීතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකුල නොවීම හේතුවෙන් මෙම දණ්ඩනය පනවන ලදි.
i. රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදල් වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන මුදල් ගනුදෙනු සහ විද්‍යුත් අරමුදල් හුවමාරුවීමේ ගනුදෙනු කිහිපයක් නියමිත දින තිස් එකක් ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම.
ii. 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අංක 1373) සහ 2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතන්ත්‍රික මහජන සමුහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධක) නියෝග (එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අංක 1718) යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තු යාවත්කාලීනව පවත්වා ගෙන යාමට අපොහොසත් වීම.
iii මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද තහනම් කිරීමේ නියමයන් සහ කොළඹ දී පවත්වන්නා වූ බස්නාහිර පළාතේ මහාධිකරණය විසින් පසුව දීර්ඝ කරන ලද තහනම් කිරීමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වෙමින් ක්‍රියා විරහිත කළ ගිණුම් හරහා හර ගනුදෙනු සිදු කිරීම.
iv. පද්ධති හා කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමග බැංකුව විසින්, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත් වූ අවස්ථා එතැන් පරීක්ෂණයේ දී අනාවරණය නොවීය.
2. බැලිස් ලිමිටඩ්
වටිනාකම : රු. 1,500,000.00 (රුපියල් මිලියන එකයි දශම පහකි )
දණ්ඩනය ගෙවන ලද දිනය : 2025 අප්‍රේල් 29
දණ්ඩනය පැනවීමට හේතුව : පහත දැක්වෙන පරිදි 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රීතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවීම හේතුවෙන් මෙම දණ්ඩනය පනවන ලදි.
i. මුදල් විශුද්ධි කරණ අවදානම් සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් හඳුනා ගැනීමේ, තක්සේරු කිරීමේ හා කළමනා කරණය කිරීමේ කාර්යය සඳහා අවදානම මත පදනම් වූ පිවිසුම මත පිහිටා ගනුදෙනුකරුවන් පිළිබඳ නිරන්තර නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වීම
ii. මාර්ගගත ක්‍රමවේද හරහා ව්‍යාපාරික සම්බන්ධතා ආරම්භ කරන ගනුදෙනු කරුවන්ගෙන් අනන්‍යතා ලේඛනයක පිටපතක් ලබා ගැනීමට අපොහොසත් වීම.
iii. ව්‍යාපාරික සම්බන්ධතා ආරම්භ කරන අවස්ථාවේ දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුවක ගනුදෙනුකරුවකුගේ නම, ඇතුළත්ව තිබේ ද යන්න තහවුරු කර ගැනීමට සහ එවැනි ලැයිස්තුවක් යාවත්කාලීන වන අවස්ථාවක දී, ආයතනය සමග ව්‍යාපාරික සබඳතා පවත්වා ගෙන යනු ලබන ගනුදෙනුකරුවකුගේ නම ඇතුළත්ව තිබේද යන්න තහවුරු කර ගැනීමට අපොහොසත් වීම.
iv. ගනුදෙනු නියාමනය කිරීම සහ සැක කටයුතු ගනුදෙනු හඳුනා ගැනීම සඳහා ක්‍රියාපටිපාටීන් ස්ථාපිත කිරීමට අපොහොසත් වීම.
V. ගනුදෙනුකරුවන් පිළිබඳ නිරන්තර නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමට අදාල ක්‍රියාවලියේදී ලබාගන්නා ලද ව්‍යාපාරික ලිපි සහ ලේඛන ද ඇතුලුව, ගනුදෙනු කරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කළ ලේඛන පවත්වා ගෙන යාමට අපොහොසත් වීම
vi. පද්ධති හා කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමග මෙම ආයතනය විසින්, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත් වූ අවස්ථා එතැන් පරීක්ෂණයේ දී අනාවරණය නොවීය.
3. බෙලාජියෝ ලිමිටඩ්
වටිනාකම : රු. 1,500,000.00 (රුපියල් මිලියන එකයි දශම පහකි)
දණ්ඩනය ගෙවන ලද දිනය : 2025 අප්‍රේල් 29
දණ්ඩනය පැනවීමට හේතුව : පහත දැක්වෙන පරිදි 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රීතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවීම හේතුවෙන් මෙම දණ්ඩනය පනවන ලදි.
i. මුදල් විශුද්ධි කරණ අවදා නම් සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් හඳුනා ගැනීමේ, තක්සේරු කිරීමේ හා කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා අවදානම මත පදනම් වූ පිවිසුම මත පිහිටා ගනුදෙනුකරුවන් පිළිබඳ නිරන්තර නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වීම.
ii. මාර්ගගත ක්‍රමවේද හරහා ව්‍යාපාරික සම්බන්ධතා ආරම්භ කරන ගනුදෙනු කරුවන්ගෙන් අනන්‍යතා ලේඛනයක පිටපතක් ලබා ගැනීමට අපොහොසත් වීම.
iii. ව්‍යාපාරික සම්බන්ධතා ආරම්භ කරන අවස්ථාවේ දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුවක ගනුදෙනුකරුවකුගේ නම, ඇතුළත්ව තිබේ ද යන්න තහවුරු කරගැනීමට සහ එවැනි ලැයිස්තුවක් යාවත්කාලීන වන අවස්ථාවක දී, ආයතනය සමග ව්‍යාපාරික සබඳතා පවත්වා ගෙන යනු ලබන ගනුදෙනුකරුවකුගේ නම ඇතුළත්ව තිබේ ද යන්න තහවුරු කර ගැනීමට අපොහොසත් වීම.
iv. ගනුදෙනු නියාමනය කිරීම සහ සැක කටයුතු ගනුදෙනු හඳුනා ගැනීම සඳහා ක්‍රියාපටිපාටීන් ස්ථාපිත කිරීමට අපොහොසත් වීම
V. ගනුදෙනුකරුවන් පිළිබඳ නිරන්තර නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමට අදාල ක්‍රියාවලියේදී ලබාගන්නා ලද ව්‍යාපාරික ලිපි සහ ලේඛන ද ඇතුලුව, ගනුදෙනු කරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කළ ලේඛන පවත්වා ගෙන යාමට අපොහොසත් වීම.
vi. පද්ධති හා කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමග මෙම ආයතනය විසින්, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත් වූ අවස්ථා එතැන් පරීක්ෂණයේ දී අනාවරණය නොවීය.