gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙඩි තැබීම්, ඝාතන රැසක් පසුපස ආරක්ෂක අංශ නම් තොගයක්..

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල සාමාජිකයන් කිහිපදෙනකු, රට තුළ සිදුවූ වෙඩි තැබීම්, ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට සෘජුවම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොලිසිය, බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාව විසින් වෙන වෙනම අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පොලිසිය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයන් වෙඩි තැබීම්වලට සහභාගී වීම, රාජකාරී ගිනි අවි අපරාධ කණ්ඩායම්වලට ලබාදීම, මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ප්‍රවාහනය කිරීම වැනි චෝදනාවලට ලක්වී ඇත.

විමර්ශන අවසන් වූ වහාම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මීට අමතරව, ශ්‍රී ලංකා පොලිසියෙන් සහ යුද හමුදාවෙන් ආයුධ පැහැර ගැනීම්වලට සම්බන්ධ වූ සහ එල්ටීටීඊ සංවිධානයෙන් රජයට භාරදුන් ගිනි අවි කඳවුරුවලින් පැහැර ගැනීම් සිදුකළ තවත් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇත.

මෑතකදී සිදුවූ අපරාධ ගණනාවක් සඳහා තොරතුරු සැපයීමට සම්බන්ධ වූ ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිපදෙනකු පිළිබඳව ද තොරතුරු ලැබී ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka