gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් බන්ධනාගාරයට යද්දි අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි.!

රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් කළේ යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සැප්තැම්බර් මස (26) දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය (26) යළි නොතීසි නිකුත් කළාය.

මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරනවා යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට 2024 වසරේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබූ අතර අදාළ නොතීසීය ප්‍රකාරව කටයුතු කර නොමැති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව යළි නොතීසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ පැවරු පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අදාල නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka