හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යන අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අසල රැස්ව සිටි පාක්ෂිකයින් නොසන්සුන් කාරී ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (22) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණා.
පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදා ගත් බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබුණා.