ශ්‍රී ලංකාව බහු ආගමික බහු සංස්කෘතික රටක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි. එහෙයින් පාසලේ සිය ආගම 50-60%ක් සමග සෙසු ආගම් පිළිබඳ අවබෝධයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කරයි.
මේ වන විට ලොව ඇතැම් රටවල් ආගම සිය විෂය මාලාවෙන් ඉවත් කර ඇති බව ද ඇමති සුනිල් සෙනෙවි ප්‍රකාශ කරයි.
බුද්ධ ශාසන කටයුතු සඳහා වෙනම අමාත්‍යංශයක් වෙන් නොකිරීම බුදු දහම නොතකා හැරීමක් නොවන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමති සුනිල් සෙනෙවි මේ බව කීය.