gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘මුන් කබ්බෝ..! නිවට හිවල්ලු! පරම්පරා පිටින් විනාස කරපු උන්! මුන්ට බය පොලිසියේ අයත් ඉන්නවා නම් ගෙදර යන්න! කබ්බෝ ෆෝම් කරන්න එපා..!’ පොලිස්පතිගෙන් මාධ්‍යයටයි පොලිසියටයි දෙකටම දැනුම් දීමක්! VIDEO

පිට රටවල සැඟවී සිටින අපරාධකාර නිවට කැනහිලුන් ෆෝම් කර උස්සා තැබීම මාධ්‍ය  නොකළ යුතු බවත් මාධ්‍ය මෙවැනි කබ්බන් ෆෝම් කිරීමෙන් වැළකිය යුතු බවත්
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඊයේ ( 30 ) පැවසුවේය. පොලිස්පතිවරයා කීවේ මේ වැනි නිවටයින්ට බියක් යම් පොලිස් නිලධාරියෙකුට ඇති වෙනවා නම් ඔහුට පොලිසිය වෙනුවෙන්  කළ හැකි හොඳම දේ මේ සේවයෙන් ඉවත් වී වෙනත් රස්සාවක් තෝරා ගැනීම බවය.

සමහර මාධ්‍ය මේ නිවට හිවලුන් වගේ මිනිස්සුන්ව ෆෝම් කරලා තියනවා. ගමේ භාෂාවෙන් කියනවා නම් කබ්බො ෆෝම් කරලා තියනවා.  මේ වගේ උන්ව ෆෝම් කරලා හරියන්නේ නෑ. මේ රටේ දහසකුත්  මිනිස්සුන්ට වද වේදනා දීලා, පවුල් නැති කරලා, දරුවො නැති කරලා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී පරම්පරා ගණනාවක් විනාශ කරන මිනිස්සුන්ට උස්සන් එපා, ඉහළට ගෙනෙන්න එපා කියන ඉල්ලීම  මාධ්‍යයෙන් කරනවා. ඒක නෙමෙයි කළ යුත්තේ.

පාතාලයේ තර්ජන එල්ල වූ පොලිස් නිලධාරීන් සම්බන්ධව ගන්නා පියවර කුමක් දැයි මාධ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසූ විට පොලිස්පතිවරයා පැහැදිලිවම කීවේ මේ වැනි නිවට කැනහිලුන්ට බිය වෙනවා නම් ඒ නිලධාරීන් පොලිසිය අත් හැර වෙනත් රැකියාවක් තෝරා ගත යුතු බවය.

පොලිසියට එහෙම බය වෙන  පුද්ගලයො එනවා නම් ඒ අයට පොලිසියට ගැලපෙන්නේ නෑ. වෙන රස්සාවක් හොයා ගන්න ඕන. පළවෙනි දේ ඒකයි. මේ වගේ නිවට හිවලුන්ට බය වෙනවා නම්… ඒක එහෙම වෙන්න බෑ.  අපේ නිලධාරීන්ට එහෙම නිර්භීතකමක් තියනවා. අපේ නිලධාරීන් මීට වැඩිය දහසකුත් තර්ජන මැද්දෙ යුද පිටියට ගිය නිලධාරීන් ඉන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයට මුහුණ දෙන්න බැරි නිලධාරීන් ඉන්නවා නම් ඒ නිලධාරීන් සේවයෙන් ඉවත් වෙන්න ඕන.

අපි ඒ අයව ආරක්ෂා කරනවා. තමන්ට හැකියාව තියනවා බලය පාවිච්චි කරන්න. නීතියේ බලය පාවිච්චි කරන්න.  අවශ්‍ය බලය ඕන වෙලාවක පාවිච්චි කරන්න. අපි ඔවුන්ව ඕන වෙලාවක ආරක්ෂා කරනවා.  මේ සම්බන්ධ අවශ්‍ය ක්‍රියාමාර්ග නීතියේ රාමු තුළ ගන්නවා.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka