රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කිරි සහ පැණි සේ එකට එක් වී සිටින බවත්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීම ස්ථිර බවත් ආශු මාරසිංහ පවසයි. තමන් අනාගත සුබ සිහිනයක් දකින බව ද ආශු මාරසිංහ කියයි. යූ ටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් ඔහු අද මේ බව කියා සිටියේය.
“ පහුගිය මැතිවරණයේදීත් මේ එකතුව කරන්න අපි උත්සාහ කළා. ඒ සදහා මැති ඇමතිවරු කීප දෙනෙකුත් එකතු වුනා. අපි සියලු දෙනාම එක හඬින් කිව්වෙ සජබ කියන්නෙ එකසත් ජාතික පක්ෂයමයි. මහ ගෙදරට ඔක්කොම එන්න කියලා. නැවත ඇවිත් මහ ගෙදර හොඳට හදාගනිමු. ලංකාවෙ පැරණිම පක්ෂය මේක. මේක විනාශ වෙන්න දෙන්න බෑ කියලා කිව්වේ මම.”
“ අද හොඳ තැනකට ඇවිත් තියනවා. මම හිතන්නෙ නායකයො දෙන්නම… රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ හිටපු නියෝජ්‍ය නායකයා. මේ දෙදෙනා ඉන්න ඕන එකට. ඒක ඉතාම හොඳ දෙයක්. දෙන්නම අඩියක් පස්සට අරන් තියනවා. ඒක ඉතාම වටිනවා. “