gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ලේකම්ගේ නිල රියෙන් බිරිද යද්දී අනතුරක්… හතරක් රෝහලේ..

ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ නිල රථය අනතුරකට ලක්ව තිබේ. ඊයේ රාත්‍රී නවයට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ පැලවත්ත අකුරේගොඩ මාර්ගයේ ගුවන් හමුදා කඳවර ආසන්‍නයේදීය. පැලත්තේ සිට අකුරේ ගොඩ දක්වා ගමන් කල මෙම සුඛෝපභෝගී මෝටර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණී යතුරු පැදියක් එකිනෙක ගැටී මෙනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ යතුරු පැදියේ එකම පවුලේ මව පියා සහ අවුරුදු දෙක සහ හය යන වයස්වල පසුව දරුවන් දෙෙනෙකු ඇතුළු සිවු දෙනෙකු ගමන් කර ඇත.

අනතුරින් ඔවුන් සිව් දෙනාම තුවාල කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මව සහ කුඩා දරුවන් දෙදෙනා වැඩදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යයා ළමාරෝහලට මාරු කර යවා ඇත.

අනතුරට ලක්වූ මෝටර් රථය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නිල මෝට රථය බව පොලිසිය පැවසිය.

එම අවස්ථාවේ නිල මෝටර් රථයේ ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳ සහ රියදුරු සිට ඇති අතර රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදාහර ඇත.

යතර යතුරු පදීයේ ගමන්ගත් පවුල සඳහා රුපියල් 35,000ක වන්දි මුදලක් ගෙවීමටද අධිකරණය මගින් රියදුරට නියෝග කර තිබේ.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka