gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය බිඳ දමා අගමැතිට ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ අභියෝග කළ මුල්ම අවස්ථා දුටුවා… හරිනම් වසන්ත සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතුයි… නවීන් කියයි!

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන නවීන් දිසානායක අද (13) පැවසුවේය. සුප්‍රීම්සැට් ගැන ප්‍රකාශ කිරීමෙන් අමාත්‍ය සමරසිංහ අගමැතිනි හරිනි අමරසූරියට අභියෝග කර ඇති බව ඔහු පැවසීය. අදාල ප්‍රකාශය සිදුකළේ රටේ අගමැතිනිය බවත්, එබැවින් අමාත්‍යවරයා පිටතින් දකින දේ අවිනීතව ප්‍රකාශ කරනවාට වඩා මේ කාරණය රජය තුළ සාකච්ඡා කර අගමැතිවරිගේ අදහස් සම්බන්ධයෙන් ද විමසීමක් කර තම අදහස් ඉදිරිපත් කිරීම කළ යුතුව තිබුණ බවත් නවීන් දිසානායක පෙන්වා දුන්නේය.

මේ වනවිට අමාත්‍යවරුන් හැසිරෙමින් සිටින ආකාරයට කැබිනට් මණ්ඩලයක් කිසි විටෙකත් ක්‍රියා කර නැති බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කැබිනට් අමාත්‍යවරයෙකු අගමැතිට ප්‍රසිද්ධියේම අභියෝග කළ පළමු අවස්ථාව මෙය විය යුතු බව කීවේය.

“1980 දී ජේ.ආර්. ජයවර්ධන රජය විසින් අභාවප්‍රාප්ත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමට ගත් පියවරට මගේ පියා වන දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක සහ අභාවප්‍රාප්ත අමාත්‍ය ආනන්දතිස්ස ද අල්විස් මහතා විරුද්ධ වුනා. කැබිනට් මණ්ඩලය තුළ මෙම පියවර සම්බන්ධයෙන් ඔවුන් තම විරෝධය පළ කළා. කෙසේ වෙතත්, මේ සිදු වූ දේ මෙන් ඔවුන් ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කළේ නෑ,” ඔහු තවදුරටත් පැවසීය.

“අමාත්‍ය සමරසිංහ සිදුකළේ කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය බරපතල ලෙස බිඳ දැමීමක්. විනයානුකූල සම්ප්‍රදාය නම් ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතුයි. ඒත් ජනාධිපති අනුර කුමාර දිසානායක එය කිරීමට සූදානම් දැයි අයෙකුට හිතෙන්න පුලුවන්…” ඔහු පැවසීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka