gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපයි… පාර්ලිමේන්ු යෝජනාව වැඩි ඡන්ද 177කින් සම්මතයයි!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව වැඩි ඡන්ද 177කින් පාර්ලිමේන්තුවේදී අද (5) පස්වරුවේ සම්මත විය. මේ අනුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපා හැරෙනු ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙවැනි යෝජනාවකින් පොලිස්පතිවරයෙකු නෙරපා හැරෙන ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

යෝජනාවට පක්ෂව ඡන්ද 117 ක් ලැබුණු අතර ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබිණ.

ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම ධූරයට වෙනත් පුද්ගලයකුගේ නාමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අද හෙටම නිර්දේශ කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායකවරයාට භාර දෙනු ලැබීය. ඒ අනුව කථානායකවරයා විසින් ඔහුට එරෙහි චෝදනා විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණ.  එම කමිටුව විමර්ශනවලින් අනතුරුව  සිය අවසන් වාර්තාව  කතානායකවරයාට පසුගියදා  භාර දුන්නේය. එම වාර්තාවෙන් දේශබන්දු  තෙන්නකෝන් මහතා සියලු චෝදනාවලට වැරදිකරු කරමින් ඔහු ධුරයෙන්  නෙරපා හැරිය යුතු බවට නිර්දේශ කළේය.

ඔහු ධුරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

-lankadeepa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka