gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුරලිදරන්ට තියෙන කොන්ද මේ රටේ බුද්ධ ශාසන ඇමතිට නෑ…! – විමල් වීරවංශ….

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

මේ රටේ වසර 22ක් එළිමහන් සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොක්ස් එදා හෙළ දිව කෘතියෙයෙහි මේ රටේ ජනයාගේ ආගම වන බුදු දහම තර්කානුකූල සහ බුද්ධිඝෝචර බවත් තමන්ද එය ළිගන්නා බවත් සඳහන් කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් වත්මන් ආණ්ඩුවට සහ එහි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමතිවරයාට මේ රට බෞද්ධ රාජ්‍යයක් බව පිළිගැනීමට තරම් කොන්දක් නැති බව ද විමල් වීරවංශ සඳහන් කරයි.

මේ වන විට ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් නොමැති බවත් පාසලේ බුදු දහම වෙනුවට සර්ව ආගමික කොත්තුවක් දරුවන්ට ලබා දීමට සූදානම් වන බවට ද ඔහු චෝදනා කරයි.

මේ රට බහු ආගමික බහු සංස්කෘතික රටක් බවට බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඊයේ (04) විමල් වීරවංශ මේ බව කීය.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka