gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැති ඉවත් කරන්න විශ්වාස භංගයක්..?

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව සමාජ ජාලවල වාර්තා පළවෙමින් තිබේ. අවශ්‍ය වුවහොත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සැලසුමක් ඇති බවත්, ඒ පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇති බවත් සමාජ ජාලවල සඳහන් වේ.

අග්‍රාමාත්‍යවරියට පක්ෂපාතීව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඇය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත්, රජය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් තහවුරු කර නොමැත.

මෙම අර්බුදකාරී තත්ත්වය මතුව ඇත්තේ, 2012 වසරේදී ගුවන් ගත කරන ලද ‘SupremeSAT’ චන්ද්‍රිකාව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.

ඇය පාර්ලිමේන්තුවේදී ආයෝජන මණ්ඩල වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රකාශ කළේ, අදාළ චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාව කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බවත්, එම චන්ද්‍රිකාව හරහා ආදායම් උපයාගෙන ඇති බවත්ය.

එහෙත්, ඇගේ ප්‍රකාශය බැහැර කරමින්, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට පසු දින ප්‍රකාශ කළේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවත්, අග්‍රාමාත්‍යවරියට ලබා දී ඇති වාර්තාවේ තොරතුරු සත්‍ය නොවන බවත්ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka