සීල් කරලා අධිකරණයට දෙන්නම්.. රටට කියන්න ඉන්දියාව කැමති නෑ..- ඉන්දීය ආරක්ෂක ගිවිසුම ගැන රජය අධිකරණයට දන්වලා..
පසුගිය අප්‍රේල් 5 වෙනිදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම මහජනතාවට හෙළිකළ නොහැකි බව ආණ්ඩුව නිලවශයෙන් දැනුම් දී ඇති බව සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
ඔහු සඳහන් කරන්නේ මේ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තාකර ඇති බවයි.
ගිවිසුම් ගත තොරතුරු හෙළිදරව් කිරීමට ඉන්දියාව අකමැති බැවින් අදාළ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නොහැකි බැවින් ගරු අධිකරණයට එම තොරතුරු ලියුම්කවරයක බහා මුද්‍රා තබා භාර දිය හැකි බව ඔවුන් අධිකරණයට දැනුම් දී ඇතැයි ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.
මෙය රටේ සවෛරිභාවය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් මෙරට අධිකරණය පවා ඉන්දියාව හමුවේ දණගස්වා පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කර ඇති බවද ඔහු මෙහිදී පවසා තිබේ.
සීල් කරලා අධිකරණයට දෙන්නම්.. රටට කියන්න ඉන්දියාව කැමති නෑ..- ඉන්දීය ආරක්ෂක ගිවිසුම ගැන රජය අධිකරණයට දන්වලා..
2025-08-01T15:19:00+05:30
Gossip Lanka Hot News






