බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම අසලදී වෙඩිතබා ඝාතනය කෙරුණු පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම අසලදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (21) සවස් කාලයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
වෙඩිවැදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර මරණකරු වයස අවුරුදු 57ක් වූ පිංවල, පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සැක කරන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
වෙඩි ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් ඔහු ඉලක්ක කර තබා ඇති බවද වාර්තා විය.