සමගි ජන බලවේගය (SJB) තුළ පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වයන් අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වේ. පක්ෂයේ වත්මන් නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ඔවුන් දැඩි නොසතුටක් පළ කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අර්බුදයට ආසන්නතම හේතුව වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් පක්ෂය අනුගමනය කළ වැඩපිළිවෙළට එල්ල වන විරෝධයයි.
මීට අමතරව, පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානගතව තරග වැදුණේ නම් පරාජය නොවන බවට මෙම පිරිස මතයක් දරන බව වාර්තා වේ.
එබැවින්, තවදුරටත් වත්මන් නායකත්වය සමඟ ඉදිරියට යාමක් අපේක්ෂා නොකරන බවත්, නව නායකත්වයක් පත් කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් මෙම පිරිස පෙන්වා දී තිබේ.