gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

RMV ලෝක හොරු ගෙඩි 177කට පොත් හදලා!

මෙරටට අනීතිකව ආනයනය කළ වාහන ලියාපදිංචි කිරීම සහ අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් හිටපු මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේම විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂවරයෙකු සහ ලිපිකරුවෙකු වන සැකකරුවන් ජූලි මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ වාහන 177ක් පමණ ලියාපදිංචි කර ඇති බවත් මෙම අත්අඩංගුවට ගැනීම මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පුළුල් විමර්ශනයක එක් පියවරක් බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

මෙම වංචාව හරහා රජයට රුපියල් කෝටි තුනයි ලක්ෂ විසිදෙකකට අධික මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවටද විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකරුවන්ට එරෙහිව ඇති ක්ෂණික චෝදනාව වන්නේ, රේගු නිෂ්කාශනයකින් තොරව නීති විරෝධීව ලියාපදිංචි කරන ලද ටොයෝටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීමයි.

අදාළ වාහනයට මුල් ලියාපදිංචියක් නොමැති බැවින් අංක තහඩු නිකුත් කිරීම සඳහා බලයලත් සමාගම වන ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනය එය ප්‍රතික්ෂේප කර තිබියදීත්, සැකකරුවන් සිය බලය උපයෝගී කරමින් ඊට අනුමැතිය ලබා දී ඇති බවට චෝදනා එල්ල වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය සහ නිලධාරීන්ට ලබා දී ඇති මුරපද වංචනික ලෙස යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය විය. නිලධාරියෙකුගේ මුරපදය භාවිත කර දත්ත පද්ධතියට ඇතුළුවිය හැක්කේ එම නිලධාරියාට පමණක් වුවද, සැකකරුවන් මෙම ආරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් මෙම නීති විරෝධී ලියාපදිංචි කිරීම් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සංවිධානාත්මක ජාලයක් විසින් සිදුකරන ලද බරපතල වංචාවක් බව පෙන්වා දුන් අල්ලස් කොමිසම, වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතු බවට ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, තම සේවාදායකයින් අදාළ චෝදනාවලට සෘජුව සම්බන්ධ නොවන බවත්, ඔවුන් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් බවත් පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු, සුදුසු ඇප කොන්දේසි මත ඔවුන්ව මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka