පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාල කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අධිකරණ උපදෙස් සහ නීතිපති උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ කුරුණෑගල දී ප්‍රකාශ කළේය.
” විශේෂයෙන් මම පහුගිය දවසක පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විවාදයේදිත් ප්‍රකාශ කළා පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ කරන්න යන එක ගැන පූර්ව දැනුම්වත් භාවයකින් පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සිටියාය කියන කාරණය. මේ පිළිබඳව අපි එදා ප්‍රකාශ කළ පරිදිම ඉතාම කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්න සූදානමින් ඉන්නවා. අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ උපදෙස් සහ නීතිපති උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකරනවා.
දැනටමත් විමර්ශන සිදුවෙමින් පවතිනවා. මේ අවස්ථාවේ අවශ්‍ය වෙනවා දැනටමත් විමර්ශනය හරහා සොයාගත් කරුණු අධිකරණයට වාර්තා කරන්න. විමර්ශන දිගටම සිදුවෙමින් පවතිනවා. සමහර විමර්ශන සම්බන්ධයෙන් මේ අවස්ථාවේ මාධ්‍යයට ප්‍රකාශ කරන්නට හැකියාවන් නෑ…