සාක්ෂි යටපත් කළ පාඨලී චම්පිකටත් දින නියම වෙයි
පසුගිය 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදුකර තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම සහ ඊට අදාළ සාක්ෂි යටපත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ඇති නඩුවේ විභාගය නොවැම්බර් මස (18) වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවු අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් යන විත්තිකරුවන් නඩුව කැඳවු අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියා.
සාක්ෂි යටපත් කළ පාඨලී චම්පිකටත් දින නියම වෙයි
2025-07-26T09:43:00+05:30
Gossip Lanka Hot News






