gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තර්ජනය කළ මාලිමා මන්ත්‍රී ගැන සටහනක් තැබූ වැලිපැන්න OIC ඇල්පිටියේ සාමාන්‍ය රාජකාරියට….!

පොලිස් සැරයන්වරයකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ගැන පොලිස් පොතේ සටහනක් යෙදූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද සිල්වා සාමාන්‍ය රාජකාරී සඳහා ඇල්පිටිය කොට්ඨාසයට මාරු කර යවා තිබේ.

මීට අමතරව තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකු ද මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය විසින් මෙම මාරුකිරීම් සිදුකර ඇත.

මේ අනුව වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද සිල්වා සාමාන්‍ය රාජකාරී සඳහා ඇල්පිටිය කොට්ඨාසයටත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.බී ඒකනායක පුත්තලම කොට්ඨාසයේ සිට නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ලෙසත්, පොලිස් පරීක්ෂක එස්.කේ. අනුරජිත් ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට වැලිපැන්න ස්ථානාධිපති ලෙසත්, පොලිස් පරීක්ෂක ආර්.ටී හේමචන්ද්‍ර කරදියනාරු පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානාධිපති ලෙසත්, පොලිස් පරීක්ෂක පැතුම් කුමාර නවගත්තේගම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කරදියනාරු ස්ථානාධිපති ලෙසත් මාරු කර යවා තිබේ.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව රණසිංහ විසින් කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල දුරකතන අංකයට ඇමතුමක් ගෙන එම පොලිසියේ සැරයන්වරයකුට බැණ වැදී තිබුණු අතර පසුව ස්ථානාධිපතිවරයාගෙන් එම සැරයන්වරයාගේ අංකය ඉල්ලාගෙන එම නිලධාරියාට බැණ වැදී වව්නියාවට මාරු කර යවන බවට ද තර්ජනය කර තිබිණි.

මෙකී සිද්ධිය ගැන වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් පොතේ සටහනක් ද යොදා තිබුණු අතර තර්ජනයට ලක්වූ පොලිස් සැරයන්වරයා ද ඒ ගැන සටහනක් යොදා තිබුණි.
-එෆ්. අස්ලම්
– Aruna
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka