gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුලතිව් පොළොවින් මතුවූ අක්කර 2.5ක ප්‍රභාගෙ රාජධානිය.. සුපිරි බඩු ඇති බවට සැක!

පෙරේදා (9) මුලතිව් පුදුකුඩිඉරිප්පුවේ මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක් අසලින් අහම්බෙන් හමු වූ පැරණි කොටි බංකරයක වැඩිදුර කැණීම් කටයුතු ඊයේ (10) ආරම්භ කොට තිබේ.

හිටපු කොටි නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් එම බංකරය භාවිත කරන්නට ඇතැයි පොලිසිය සැක කරනු ලබයි.

අක්කර දෙකහමාරක පමණ වපසරියක් තුළ එම බංකරය පිහිටා ඇති අතර ඊට ප්‍රවේශවීමට දොරවල් දෙකක් ඇති බවට නිරීක්ෂණය වී ඇත.

මතුපිටින් සිදුකළ පරීක්ෂණවලදී සැක පහළ වී ඇත්තේ එම බංකරය තුළ කොටි සාමාජිකයන් විසින් යුද සමයේදී භාවිත කරන ලද අවි ආයුධ ඇති බවයි.

ඒ අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.

මුලතිව් දිසා විනිසුරුවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම කොටි බංකරයේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka