gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකයම බලාසිටින දවස අද... දැවැන්ත සුනාමියක්?

අද (05) දින ලෝකය පුරා සිටින විශාල පිරිසකගේ අවධානය යොමුවු දිනයක් වන අතර මේ හේතුවෙන් රටවල් කිහිපයක ජනතාව තුළ බියක් සහ යම් නොසන්සුන් බවක්ද ඇති කර තිබෙන බව වාර්තා වේ.

ජපානයේ කාටූන් චිත්‍ර ශිල්පියෙකු වන රියෝ තට්සුකි විසින් 2021 වසරේදී අඳින ලද ‘The Future I Saw’ එනම් “මා දුටු අනාගතය” නම් නිර්මාණය හේතුවෙන් අද දින ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට අනාවැකි පළවී ඇත.

මෙම අනාවැකිය සම්බන්ධයෙන් ජපානය, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල සමාජ මාධ්‍යජාල තුළ මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

ඒ අනුව ජපානය සහ පිලිපීනය අතර සාගර පතුලේ හටගන්නා බිඳීයාමක් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය ඇතිවන අතර එය පසුගිය 2011 වසරේ ජපානයට බලපෑ සුනාමි තත්ත්වය මෙන් තුන්ගුණයක් විශාල එකක් විය හැකි බවද සඳහන්ය.

කෙසේ වෙතත් මෙය මිත්‍යා මතයක් බව විශේෂඥයින් සඳහන් කළද ජපානයේ සමහර ගුවන් සමාගම් මේ වනවිට ගුවන් ගමන් අවලංගු කර ඇති බව වාර්තා වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka