gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැහැරගත්තා කියන වැලිගම මන්ත‍්‍රීලා කැමැත්තෙන්ම ඇවිත් වාහනේට නැග්ගා.. මටත් අත වැනුවා - ඇසින් දුටු අයෙක් සාක්‍ෂි දෙයි

පැහැර ගැනීමකට ලක් වූ බව කියන වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී දෙදෙනා සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් විසින් විශේෂ හෙළිදරව් කිරීමක් මාධ්‍ය අමතමින් සිදු කර තිබේ.

එම මන්ත්‍රී වරිය සහ මන්ත්‍රීවරයා ත‍්‍රිරෝද රථයකින් පැමිණ තම නිවස ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයකට ගොඩවූ බවත් එය බවත් එය කිසිසේත් පැහැර ගැනීමක් ලෙස නොපෙනුනු බවත් ඇය සඳහන් කරන්නීය.

අදාළ මන්ත්‍රීවරිය තමන් හොඳින් හඳුනන බවත් ඒ අවස්ථාවේ තමන්ටද අත වනාගෙන ස්ථානයෙන් පිටව ගිය බවත් ඇය සඳහන් කළාය.

නමුත් රාත්‍රී ප්‍රවෘත්තිය හරහා පැවසුවේ අදාළ මන්ත්‍රී දෙපළ පැහැර ගැනීමක් වූ බව පැවසුව ඇය පැවසුවේ තමන් ඇසින් දුටු සාක්ෂිකරුවකු ලෙස එවන් පැහැර ගැනීමක සළකුණක් හෝ එම අවස්ථාවේ නොවූ බවයි.

පැහැර ගැනීමට ලක්වූ බව කියන මන්ත්‍රී දෙපල සම්බන්ධයෙන් ඒ පිළිබදව විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින බව ද ඒ සදහා දුරකතන විශ්ලේෂණ වාර්තා සහ සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවට අභිනව සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා සියලුම දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාව වෙත ඉකුත් 27 වැනිදා කැඳවනු ලැබ සිටියහ.

එහිදී දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන් දී මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභාවේ මංගල සැසියේ කටයුතු ආරම්භ කෙරිණි.

එම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ කනංකේ ප්‍රදේශය නියෝජනය කරන අජිත් ප්‍රසන්න සහ කමනි අල්විස් යන මන්ත්‍රී දෙපළ පැහැරගෙන ගොස් ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාවට දැනුම් දී විශේෂ අවස්ථාවක් සේ සලකා සභාව කල් තබන ලෙස ඉල්ලීමක් කළහ.

එම අවස්ථාවේදී එසේ කළ නොහැකි බවට පළාත් පාලන කොමසාරිස්වරිය සභාවට දැනුම් දීමට කටයුතු කළාය.

එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම සමගි ජන බල වේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ද දැඩි විරෝධයක් එල්ල කරමින් කටයුතු කළහ.

එම අවස්ථාවේදී ඇති වූ තත්වය සමග සභාව විනාඩි තිහකට කල් තැබීමට කටයුතු කළ අතර පසුව දින නොමැතිව කල් තැබීමට පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙන්ඩිස් මහත්මිය පියවර ගත්තාය.

මෙම සිද්ධියට තුඩුදුන් වැලිගම ප්‍රාදේශීය සභාවේ අජිත් ප්‍රසන්න මහතා සහ කමනි අල්විස් මහත්මිය ගාල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මෙම මන්ත්‍රීවරුන් දෙපල පැහැර ගැනීම සම්බන්ධයෙන් කනංකේ පොලිසිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත 1 වැනිදා කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පැහැර ගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන් දෙපලුගේ සහ සැක කටයුතු පුද්ගලයන්ගේ දුරකතන විශ්ලේෂණ සහ ප්‍රදේශයේ සී සිටි වී දර්ශන ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka