2025.07.21 වන දින සවස් කාලයේ කිරිබත්ගොඩ පොලිස් වසමේ අලුත්පාර ප්‍රදේශයේදී T – 56 ගිනි අවියක්, එම පතොරම් 30ක් සහිත පතොරම් ගැබක් හා අයිස් මත්ද්‍රව ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 650ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදු කර ඇත.
ඉහත සැකකරු මෙම ගිනිඅවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත් මෙම ගිනිඅවිය තවත් පාර්ශවයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට සැකකරු සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින ඉහත සැකකරු හා සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙකු සෙට්ටිකුලම පෙලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 22ක් වන නෙරිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුකි.
ඉහත සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුගේ නිවසේ සහ ගෙවත්තේ සඟවා තිබූ විවිධ වර්ග වලට අයත් අත් බෝම්බ 86ක්, T – 56 ජීව පතොරම් 321 ක්, පැති අවි පතොරම් 03 ක් සහ මත් කරල් 5600 ක් පෙලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉහත අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.
