සමලිංගිකයන් ගැන කාදිනල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!
සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සිදුකරනවා, විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා. විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතී.
සමලිංගික විවාහ ප්‍රචාරය කරන්නට කටයුතු කරනවා. මේක මානව අයිතිවාසිකමක්ලු ?, කොහොමද එහෙම වෙන්නේ ?, කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ?, කොහොමද දරුවෝ ලබන්නේ ?.
එදා තරුණ පිරිස් විවාහයට පෙර හමුවුණේ දෙමාපිය රැකවරණය යටතේ හෝ ඔවුන්ගේ ආශීර්වාදයෙන්. එවැනි විවාහ අද තත්ත්වයට වඩා සාර්ථක වී තිබෙනවා ” යනුවෙන් පැවසීය.
සමලිංගිකයන් ගැන කාදිනල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!
2025-07-28T09:03:00+05:30
Gossip Lanka Hot News






