ජනාධිපතිවරයාට දැනට වඩා අති දැවැන්ත ආරක්ෂාවක් ලබා දිය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
අධිවේගයේ ජනාධිපතිවරයා යන බව සඳහන් කරමින් පසුගියදා වීඩියෝවක් නිකුත් කර තිබූ බවත් ජනාධිපතිවරයා යන ස්ථානයට තවත් අනිවාර්යෙන් යා යුතු පිරිසක් ඇති නිසා එහි රථ පෙළක් ගමන් කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.
මෙම රථ පෙළ පසුගිය ආණ්ඩු සමයේ සිදුවීම් සමග සමාන යැයි ප්‍රකාශ කිරීම ඉතාම මෝඩ මතයක් බව ද ඇමති ලාල්කාන්ත සඳහන් කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මේ බව කීය.