ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කළු කොඩි මෙහෙයුමේ කොටසක් ලෙස යේමනයේ හොඩෙයිඩා, රාස් ඊසා සහ සායිෆ් යන වරායන් තුනට සහ රාස් කනාටිබ් විදුලි බලාගාරයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2023 වසරේ නොවැම්බර් මාසයේදී හූති කැරලිකරුවන් අල්ලා ගත් ගැලැක්සි ලීඩර් භාණ්ඩ නෞකාවට ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් අනතුරුව X සටහනක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ, ඊශ්‍රායලයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.
තවද ඉරානයට අත් වූ ඉරණමට හා සමාන ඉරණමක් යේමනයටද අත්විමට නියමිත බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.