හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ (ජූනි 30) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 82 වන වියේ පසු විය.
ගාමිණී ලොකුගේ 1943 මැයි මස 08 වැනිදා උපත ලබන්නේ පිළියන්දල ප්‍රදේශයේ මධ්‍යම පාන්තික මව් පිය යුවලකට දාවය. පිළියන්දල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ලොකුගේ තරුණයෙක් ලෙස දේශපාලනයට අවතීර්ණ වන්නේ 1960 වසරේදී ය. ඒ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලකයෙක් ලෙසිනි.
ලොකුගේ මුල්ම වරට ජාතික දේශපාලනයට අවතීර්ණ වන්නේ 1983දී ය. ඔහු එහිදී පැහැදිලි බහුතරයක් සහිතව කැස්බෑව මැතිවරණ කොට්ඨාසය ජයග්‍රහණය කළේය.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ සංචාරක අමාත්‍යවරයා ලෙස 1989 සහ 2002 කාලයේ දී කටයුතු කළේය. හෙතෙම 2006 දී මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එක් වූයේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ එවකට නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති වූ ගැටුමක් හේතුවෙනි.
වර්ෂ 2007 දී ලොකුගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, කටයුතු කළ ගාමිණී ලොකුගේ ඊයේ දින කොළඹ පුද්ගලික රෝහලක දී දිවි සැරියෙන් සමුගන්නා විට 82 වියේ පසුවිය.
