gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“විශ්‍රාම වැටුප කපන්න එපා” හිටපු මන්ත්‍රීවරු ජිනීවා යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.

මෙම තීරණය අසාධාරණ තීරණයක් බවත් තමන්ගේ බෙහෙත් ටික ලබා ගැනීමට විශ්‍රාම වැටුප එනතුරු බලාගෙන සිටින වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මෙම තීරණයෙන් මහත් කරදරයකට වැටෙන බවද ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.

එනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇති බවද ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka