මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයා ඝාතන උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
චමින්දගේ සහෝදරයාට අයත් කොල්ලූපිටිය රාත්‍රී සමාජ ශාලාව තුළදී ඔහු ඝාතනය කිරීම සඳහා රැගෙන ආ බව සැකකරන ටි 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 25 ක් අඩංගු මැගසිනයක්, ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක්, උල්පීහියක් සහ ආරක්ෂක හිස් වැසුම් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
ආරක්ෂක හිස් වැසුම් පැලදි පුද්ගලයන් දෙදෙනෙක් අනවසරයෙන් රාත්‍රී සමාජ ශාලා වෙත ටි 56 ගිනි අවිය රැගෙන ඇතුළු වීමට පැමිණීමේදී එහි ආරක්ෂක නිලධාරී ( බවුන්සර්) ඊට ඉඩ නොදී වැළැක්වීමත් සමගම ඔහුට ආරක්ෂක හිස්වැස්මකින් එම එක් පුද්ගලයකු පහර දීමේදී ඔහු ගිනි අවිය උදුරාගෙන ඇති අතර ඒ සමගම එම පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේ යතුරුපැදිය දමා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි
පලා ගිය එම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය මගින් සීසීටීවී දර්ශනඅනුව තොරතුරු පරික්ෂා කිරීමේදී ඔහුන් මුහුදු මාවත ඔස්සේ ගමන් කරන බවට අනාවරණය කරගෙන තිබූ අතර එහි හිස් ඉඩමක දමා තිබූ තලය අඟල් 8 ක් සහිත ලී මිට අඟල් 41/2 ක් දිග උල්හියක් හා සම්පූර්ණ මුහුණ ආවරණය සහිත තවත් ආරක්ෂක හිස් වැස්මක් හමුවූ බව කොල්ලුපිටිය පොලිසියිය පවසයි.