gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝෂිගේ ඩේසිගේ අයථා වත්කම් ගොනුවට තවත් කෝටි 6ක් බැර වෙයි!

ඊයේ (02) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේදී නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් බැංකු ගිණුම්වල හා ස්ථාවර තැන්පතුවල තැන්පත් කර තැබීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙනු ලැබීය.

ඒ අනුව මෙලෙස අධිචෝදනා භාරදෙනු ලැබුවේ යෝෂිත රාජපක්‍ෂ හා ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් යන දෙදෙනාටයි.

එහිදී විනිසුරුවරයා අදාළ විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප බැඳුම්කර මත මුදාහැරීමට නියෝග කළ අතර විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවීමට ද නියෝග කළේය. එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන අගෝස්තු 4 වැනිදා කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

2009.3.31 හා 2013.12.12 කාලය අතරතුරදී කොළඹ සහ තංගල්ලේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ 35 වන වගන්තිය යටතේ දක්වා ඇති නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියල් මිලියන 59,679,900ක මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය හා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතාගේ අත්සනින් 2025.4.11 වැනිදා ගොනු කර තිබූ එම නඩුවේ විත්තිකරුවෝ මින් පෙර නිකුත් කර තිබූ සිතාසි නියෝග අනුව ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්‍ෂ්මන් පෙරේරා මහතා පැමිණිල්ල නියෝජනය කළේය. නීතිඥ නිශ්ශංක පීරිස්, හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පළමු වන විත්තිකරු වෙනුවෙනුත් නීතිඥ මහේෂ් ධර්මවර්ධන මහතා සහ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දෙවන විත්තිකාරිය වෙනුවෙනුත් පෙනී සිටියහ.

මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ 2025 පෙබරවාරි මස 15 වැනිදා ද තවත් නඩුවක් ගොනු කර තිබිණි. උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්‍ෂ 800කට අධික මුදලක් යොදවා දෙහිවල හා රත්මලාන මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් ඇතුළු දේපළ මිලදී ගැනීම ඇතුළු චෝදනා තුනක් යටතේ එම නඩුව පවරා තිබිණි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka