gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊළග ජනාධිපති නාමල් කියා බුද්ධි අංශ තහවුරු කරලා.. තානාපතිලාත් කියනවා..- ජොනී

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සියලු බුද්ධි තොරතුරු වාර්තා මගින් නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන බවට දැනටමත් තහවුරු කර ඇති බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ගම්වල ජනතාව පවා නාමල් රාජපක්ෂ මහතා මීළඟ නායකයා වන බවට කතා කරන බවයි. “ගමේ කතා වෙන්නේ නාමල් ඊළඟ ජනාධිපති වෙනවා කියලා. සියලුම වාර්තා දැනටමත් දීලා තියෙන්නේ,” ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම වාර්තා සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක පරීක්ෂණයක් හෝ විමර්ශනයක් පවත්වන ලෙස ඒ මහතා රජයට අභියෝග කළේය. “අපි ඊට මුහුණ දෙන්න සූදානම්. එදා ඩබල් කැබ් එකක ගොඩ ගහලා ෆයිල් ගෙනාවා, ඒත් මුකුත් හම්බුණේ නැහැ. උන්ට තියෙන්නේ නඩු දාන්න විතරයි. එදා තිබුණ පණිවිඩය ඒකයි,” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව මහජනතාව නොමග යවන බවටද ඒ මහතා චෝදනා කළේය.

“මේ ඔක්කොම බොරුවක්. මිනිස්සු රවට්ටලා, ඒ අයගේ ඔළු අවුල් කරලා තමයි බලයට ආවේ. ඒත් දැන් මිනිස්සු ඇත්ත තේරුම් අරන්. ඔවුන් වෙනසක් කරයි,” ඔහු පැවසීය.

ආණ්ඩුව දැන් බිය වී සිටින බවත්, නාමල් රාජපක්ෂ මහතා බලයට ඒම වැළැක්වීම සඳහා ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට උත්සාහ කරන බවත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

“ආණ්ඩුව බයයි. නඩු දාලා රිමාන්ඩ් කරන්න හදනවා. ඒත් ඔවුන් දන්නවා නාමල් රාජපක්ෂ ඊළඟ නායකයා කියලා,” ඔහු සඳහන් කළේය.

විදේශ තානාපති කාර්යාල කිහිපයකට ගිය අවස්ථාවලදී රාජ්‍ය තාන්ත්‍රිකයන්ද එම අදහසම පළ කළ බවද ඒ මහතා පැවසීය.

“අපි තානාපති කාර්යාල ගොඩක් ගියා. ඔවුන් අපිට කිව්වා නාමල් රාජපක්ෂ ඊළඟ ජනාධිපති වෙනවා කියලා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka