කැලනිය ජයන්ති මාවතේ එරපත්ත වෙල්ලයේ වගුරු බිමකට යාබද ඉඩමක් ගොඩකිරීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශ වාසීන් තුළ ගැටලුවක් මතුව ඇත.
ඉඩම ගොඩ කිරීමට උත්සාහ කරන්නේ එහි හිමිකාරීය බව කියන කැලනිය ප්‍රාදේශයේ සභාවේ ජාතික ජනබලවේග උපසභාපතිනි ලක්ෂකා සුභාශිණී බවට ප‍්‍රදේශවාසීන් චෝදනා කරයි.
කැලනිය ප්‍රාදේශිය සභාවය අයත් ට‍්‍රැක්ක්ටරයක් සහ සේවකින් යොදා ගනිමින් උපසභාපතිනිය මෙම ඉඩමට ගල් කැබලි ගෙනවිත් ඇති බවට අසල් වශයෙන් චෝදනා කරන්නේ ඊට අදාල සීසිටීවී දර්ශනද දක්වමිනි.
අසල්වාසීක් ඊට විරෝධය පළක තිබුණේ මෙම ඉඩම ගොඩ කලහොල් අවට නිවාස වලට ජල ගැලීම් ඇතිවිය හැකි බව පවසමිනි.
මේ විරෝධය සම්බන්ධයෙන් උපසභාපතිනය සහ ඇගේ පවුලේ සාමාජිකයින් අසල් වාසීන්ට බැන තර්ජනය කළ බවටත් චෝදනා එල්ල වෙයි.
එමෙන්ම උපසභාපතිනයගේ පුත්‍රයා රාත්‍රියේ පැමිණ එම මාර්ගය අසල තිබූ ගස් කපා ඉවත් කරන දැක්වෙන සීසීටිව දර්ශනද ප‍්‍රසිද්ද වී ඇත.
සිද්ධිය පිළිබඳ කැලනිය පොලිසියට පැමිණිලි කර ඇතත් ඊට තවමත් නිසි විසඳුමක් ලැබී නැති බව අසල්වාසින් පවසති.