gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජූලි චන්ග් ආපසු යයි.. ට‍්‍රම්ප් පත් කල තානාපති එයි…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති ලෙස එරික් මේයර්ගේ නම සෙනෙට් සභාවට යෝජනා කර තිබේ. වත්මන් තානාපතිනි ජුලී චං සිය සේවා කාලය නිමවා අමෙරිකාවට පිටත්ව යාමට නියමිතය. එරික් මේයර් යනු අමෙරිකානු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙක් වන අතර 

ඔහු දැනට දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කරයි.

මෙම කාර්යාංශය ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසකස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, උස්බෙකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවල් ඇතුළු දකුණු හා මධ්‍යම ආසියාව පුරා ව්‍යාප්ත වී තිබේ.

මෙම කලාපයේ කාර්යාංශ කටයුතු අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම ඔහුගේ ප්‍රධාන වගකීම් අතර වෙයි.

මේයර්, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් හා කුසලතා ගෞරව සම්මාන කිහිපයකින් පිදුම් ලබා ඇති අතර, ඔහු කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka