gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඩුවට මාළු තිබියදීත් වැඩිමිලට මාළු ගන්නා ශ්‍රිලංකා ධීවර සංස්ථාව

ලංකා ධීවර සංස්ථාවට අඩුවට මාලු මිලදී ගැනීමේ හැකියාව තිබියදී වසර ගණනාවක සිට එකම පුද්ගලයෙක්ට වැඩි මිලක් ගෙවමින් මිලදී ගැනීම් සිදුකරන බවට තොරතුරු වාර්තා වේ. නව ආණ්ඩුව පත් වූ පසුවත් එහි කිසිදු වෙනසක් සිදුවී නොමැත.

එහි නිලධාරීන් විසින් පෙර පරිදිම අද වනවිටත් එම එම ඒකාධීකාරය පවත්වාගෙන යමින් අදාළ මිලදී ගැනීම් සිදුකරන බව සඳහන්ය.

ඒ අනුව, තලපත් කිලෝග්‍රෑමය රුපියල් 1600 අඩුවෙන් මිලට ගැනීමේ හැකියාව තිබියදීත් ව්‍යාජ ලෙස ටෙන්ඩර්පත් ඉදිරිපත් කරමින් රුපියල් 1750ක මිලකට මාලු කිලෝව ලබා ගෙන තිබේ.

මෙම මිළදී ගැනීම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ ටෙන්ඩර් කැඳවීම නිසි ක්‍රමවේදය වුවත් කිසිම දිනක ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවිමක් නොකර සිය හිතවතුන්ට පමණක් දුරකථනයෙන් කතා කොට ටෙන්ඩර්පත් ලබා ගැනීමේ පිළිවෙතක් මෙහිදී සිදුකරගෙන යන බව වාර්තා වේ.

ලංකා ධීවර සංස්ථාව විසින් මෙලෙස අධික මිළක් ගෙවමින් මාළු මිලදී ගන්නේ රිස්වාන් නමැති පුද්ගලයෙක්ගෙනි.

මෙම මිළදී ගැනීම් වලදී අදාළ පුද්ගලයා විසින් ලබා දෙනු ලබන මාළු කෙතරම් දුරට තත්ත්වයෙන් උසස් ද පරිභෝජනය සඳහා සුදුසු ද යන කාරණා පිළිබඳ කිසිදු විමසා බැලීමක් සිදු නො කරන බව ද සඳහන්ය. එනම් ඔහු විසින් පරිභෝජනය සඳහා නුසුදුසු මාළු පවා ලබා දුන්න ද ඒ පිළිබඳව කිසිදු විමසා බැලීමක් මෙහි දී නො මැත.

එම පුද්ගලයා විසින් ඉහළ නිළධාරින්ට හිතපිරෙන්න ලබා දෙන සංතෝෂම් නිසා ඔහුගෙන් ලබා ගන්නා මාළු වෙනුවෙන් කිසිදු හිගයක් නොතබා නියමිත කාල වේලාවට මුදල් ගෙවීම් ද සිදුකරන බව සඳහන්ය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka