මුදල් විශුද්ධිකරණය සම්බන්ධ නඩුවකට අදාල නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ ලක්ෂ 75ක මුදලක් එම නඩුවෙ චූදිතයින්ට යලි ලබා දීමට අදාල චෝදනාවකට අල්ලස් කොමිසමේ විමර්ශනයකට භාජනය වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් පැමිණ නැති බවත් මේ වනවිට තමන් සැඟවී සිටින බව කියන පුවත් සාවද්‍ය බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පවසයි.
අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කොතැනකවත් පලා ගොස් නැති බවත්, මේ වනවිටත් නිවසේ රැඳී සිටින බවත්ය.
එහෙත් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ සිව් වතාවකට වඩා ඔහුගේ නිවසට සහ ඔහු රැඳී සිටින ස්ථාන වෙත නිලධාරීන් පැමිණි නමුත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්ථානවල රැඳී නොසිටිය බවය.
දැන් විමර්ශනයට ලක් වී ඇති රොහාන් ප්‍රේමරත්නට අදාල නඩුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කරනු ලබන්නේ වර්ෂ 2022 දීය.
රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සිටි වර්ෂ 2021 දී දෙහිවල ප්‍රදේශයේ දී ඔලිවර් ටෝබි ඉකෙකුවිවා ඔලිවර් නම් නයිජීරියානුවාගේ නායකත්වයෙන් යුත් නයිජීරියානු ජාතිකයින් පිරිසක් ඇතුළු කණ්ඩායමක් විදෙස් මුදල් මුද්‍රණය කරමින්, මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙමින් සිටිය දී පොලිිසය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශනය මුල්‍ය හා වානිජ අපරාධ කොට්ඨාශයේ දෙවන මුල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැවිරිනි. ඒ අවස්ථාවේ දි කැලනිය අපරාධ කොට්ඨාසය අදාළ විදෙස් කල්ලිය විසින් උපයාගෙන තිබිය දී අත්රු අඩංගුවට ගත් ලක්ෂ 75ක මුදලක් නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නේය.
නඩු භාණ්ඩ වශයෙන් තිබූ රුපියල් ලක්ෂ 75ක් නීති විරෝධී ලෙස චූදිතයින්ට නිදහස් කිරීමටත්, එම සොර මුලට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත් අනීතික ලෙස බලය යෙදවීම සම්බන්ධයෙන් රොහාන් ප්‍රේමරත්නට එරෙහි චෝදනා ගොනු වූයේය.
එම අපරාධය පිළිබඳව පොලිසියේ විමර්ශන වාර්තාව පිටු 10කි. එම වාර්තාව අධිකරණයට ඉදරිපත් වී තිබිණි. එම වාර්තාවෙහි 10 වන පිටුවෙහි දක්වා ඇති අවසාන නිගමනය මෙසේය:
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි හිටපු අධ්‍යක්ෂක, වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා සහ දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කළ මෙම විමර්ශනයේ දී හිටපු අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න නිලධාරියා විසින් අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරමින් සිටි කාලය තුල දී ඒ නිලධාරියා විසින් විෂයගත නිලධාරීන් වෙත අයුතු බලපෑම් සිදු කරමින් ගරු අධිකරණය වෙත අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නිලධාරීන් තර්ජනාත්මක ව පොලඹවා ඇති බවත් ඒ මගින් කො.ප්‍ර.ම/උ ශාලා අංක 05 නඩු අංක 47361/05/21 දරණ නඩුවේ නඩු භාණ්ඩයක් ව පැවති රුපියල් 7.543.110/=ක මුදලක් සැකකරුවන් වෙත මුදා හැරීම සඳහා කටයුතු කරමින් දූෂිත ක්‍රියාවක යෙදී ඇති බවට අනාවරණය වන බවට කරුණූ ඉදිරිපත් කරමි. මෙම අපරාධය විමර්ශනයේ දී අනාවරණය ඇති මෙම කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නොතීසියක් නිතුක් කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඇයද සිටිමි.”
රොහාන් ප්‍රේමරත්නට එරෙහි විමර්ශනය ආරම්භ වී ඇත්තේ යටගිය මේ මූල්‍ය අපරාධයට යළි උඩට මතුවිමෙන් පසුය.