බංග්ලාදේශයේ පාසලකට ගුවන් යානයක් කඩා වැටෙයි
බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබේ. ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පිපිරීමක් ද සිදුව ඇති අතර පසුව ගින්නක්ද හටගෙන තිබේ. අනතුරින් එක් අයෙකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත.
අනතුරින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තුවාල ලැබූවන් සිවිල් වැසියන්ද නැතහොත් හමුදා නිලධාරීන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට හදිසි සේවා මේ වන විට ගින්න මැඩපැවැත්වීමට සහ තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමටද පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.
මෙලෙස කඩා වැටී ඇත්තේ F-7 BGI ප්‍රහාරක ජෙට් යානයක් ලෙසද හඳුනාගෙන තිබේ.
ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේදී පාසලේ සිසුන්ද සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
බංග්ලාදේශයේ පාසලකට ගුවන් යානයක් කඩා වැටෙයි
2025-07-21T17:40:00+05:30
Gossip Lanka Hot News






