මේ ලඟදී අනුරාධපුර පැවති කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලියක් අතර තුර ක්‍රීඩකයන් තිදෙනෙක් එක්ව තමන් හිටි හෝටලයේ කාමරයක සිට වෙනත් ක්‍රීඩකයකුගේ ජංගම දුරකතනයෙන් වැල්ලවත්ත පිහිටි ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් භාර ආචාර්‍ය වරයාට තිත්ත කුණුහරුපෙන් බැණ වැදී තිබෙනවා.
ඒ ගුරුවරයා පහුවෙනිදා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පැවති පරීක්ෂණයකින් පසු රාජකීය ක්‍රීඩකයෙක් පහුවෙනිදා වහාම ගෙදර යැව්වත් පීතරයන් දෙන්නෙක් දඬුවම් නොකොට රඳවා ගෙන තිබෙනවා.
තම පාසලේ රග්බි ක්‍රීඩකයන්ගේ නොහික්මුණු හැසිරීමක් හේතුවෙන් ඒ වන විටත් තම පාසල ලබා තිබුණු අපකීර්තිය නිසා මේ සිද්ධිය යට ගැසූ අදාල පාසලේ විදුහල්පතිවරයා පසුව තරග නොපැවැත්වෙන සමයක බොරු තරග තහනමක් අදාල ක්‍රීඩකයන් දෙදෙනාට දී පොලිස් පැමිණිල්ල ඉවත් කර ගන්නා මෙන් තම ක්‍රිකට් භාර ආචාර්‍ය වරයාට බල කර තිබෙනවා.
පාසල් සංගමයට මේ ගැන පරීක්ෂණයක් කරන මෙන් දන්වා ඇතත් ඔවුන්ද ඉහළ බලපෑමක් නිසා ඉන් මග හැර තිබෙනවා.
මේ හේතුවෙන් රාජකීය ක්‍රීඩකයාද චෝදනාවෙන් නිදහස් වී නැවත ශ්‍රී ලංකා යොවුන් සංචිතයට කැඳවා තිබෙනවා.
ක්‍රිකට් බලධාරීන් , පාසල් විදුහල්පති වරුන් හා පාසල් ක්‍රිකට් සංගමය වැඩ කරන්නේ මෙහෙම නම් පාසල් මට්ටමේ විනය හදන්නේ කොහොමද ?
ලංකාවේ ක්‍රිකට් වලට දෙයියන්ගේම පිහිටයි.!