gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශබන්දු ගැන හොයන 'සූරසේන කමිටු වාර්තාව' එන සතියේ කථානායකට

ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ක්‍රියාකාලපය සම්බන්ධයෙන් සොයා බලන කමිටුවේ අවසන් වාර්තාව
එළැඹෙන සතිය තුළ කථානායකවරයා වෙත භාරදීමට සැලසුම්කර තිබේ. මේ වන විට අදාළ වාර්තාව සකස් කරමින් පවතින බව එම කමිටුව සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බව කියන විශමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන කටයුතු කරනු ලබයි.

එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කරනු ඇත.

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ගත්තේය.

එමෙන්ම ජුලි මස 16 වැනිදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබීය.

-aruna
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka