gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රි රෝහිතගේ දුව අද අධිකරණයට

පොලිසිය මග හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන අද (31 වැනිදා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයකු සමග පැමිණ භාරවීමෙන් අනතුරුව ඇය ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ මෝටර් රථයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීමේ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට අදාළවය.

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ මෝටර් රථයක් පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ව්‍යාජ ලෙස ඇතුළත් කර එය මාර්ගයේ ධාවනය කරමින් සිටියදී පසුගිය 19 වැනිදා මතුගමදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් සිය භාරයට ගෙන තිබිණි. ඒ සමගම රථය ධාවනය කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතානගේ ගේ පුත්‍රයාද අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව සැකකරු අගෝස්තු 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ එය පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය හා බෑණාගෙන් මිලදී ගත් එකක් බවයි.

ඒ අනුව පොලිසිය මගහරිමින් සිටි රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක ප්‍රියදර්ශන මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව අගෝස්තු 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ජගත් විතානගේ ගේ පුත්‍රයා ඇප මත මුදාහැර තිබිණි.

එවැනි පසුබිමක් පැවැතියදී පොලිසිය මගහරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන ඊයේ (30 වැනිදා) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයකු සමග පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
-aruna
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka