gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හම සුදුකරන ආලේපන නිසා පිළිකා අවදානමක්

දිවයින පුරා සම සුදුකරන විවිධ ආලේපන වර්ග 08 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවත්, එමගින් බොහෝ තරුණ තරුණියන් පිළිකා රෝගවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. මෙයට හේතු වී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරිය මගින් නිසි පරිදි සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය ආලේපන වර්ග නියාමනය නොකිරීම නිසාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමිතියට අනුව මෙම සංයෝග තුළ තිබිය යුතු උපරිම රසදිය මට්ටම කොටස් දස ලක්ෂයකට එකක් වුවත් වෙළෙඳපොළේ පවතින බොහෝ ආලේපන වර්ගවල මෙම මට්ටම කොටස් දසලක්ෂයකට 10,000 හෝ 20,000 සීමාවේ පවතී. එම නිසා මෙම බොහෝ ආලේපන වර්ගවල පැවැතිය යුතු නියමිත ප්‍රමිතිය නොමැති වීමෙන් තරුණ තරුණියෝ දුර්වර්ණවීමේ අවදානමකට ගොදුරු වෙති.

එමෙන්ම එවැනි ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග වෙළෙඳපොළ තුළ පැවැතීම හේතුවෙන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින රූපලාවණ්‍ය ශිල්පීන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවද වාර්තා වේ. මේ අතර කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ 2015 ඖෂධ නියාමන අධිකාරියේ පනත අනුව මෙරට සුවඳ විලවුන් හා ආලේපන වර්ග, ඖෂධ වර්ග නියාමනය කිරීමට පවතින නීත්‍යනුකූල අයිතිය ඉවත්වීමත් සමග මේ අන්දමට රටපුරා මිනිස් සිරුරට හානිකර බැර ලෝහවලින් සමන්විත ශරීරය සුදු පැහැය වැඩිකිරීමට හේතුවන බොහෝ ක්‍රීම් වර්ග වෙළෙඳසල් තුළ සහ මාර්ගගත ක්‍රමයට අලෙවි කරන බවය.

බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්, චීන කටු චිකිත්සක වෛද්‍යවරුන් ඇතුළු සුදුසුකම් නොමැති බොහෝ දෙනකු මේ වන විට මෙම සුදුවන ක්‍රීම් වර්ග ස්වයං රැකියාවක් ලෙස නිෂ්පාදනය කොට අලෙවි කරන බවද ඔහු පවසයි.

චාමර පල්ලෙගෙදර
-aruna

whitening cream price in sri lanka 

best whitening cream in sri lanka

whitening cream brands in sri lanka 
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka