gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප් වේවැල අතට ගනී.. රටවල් රැසකට අතිරේක තීරුබදු පනවයි!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාව විසින් පනවන නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි එරට වේලාවෙන් අද දහවල් 12.00 සිට අදාළ රටවල් වෙත යොමුකිරීම අරඹන බවයි.

ටෘෘත් සෝෂල් අඩවියේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

BRICS සංවිධානය හඳුන්වාදෙන අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ එකඟවන ඕනෑම රටක් මත 10%ක අතිරේක තීරුබදු පනවන බවත් එම බදු ප්‍රතිශතය කිසිසේත්ම වෙනස් නොකරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

BRICS සමුළුව බ්‍රසීලයේදී ආරම්භ වූ පසුබිමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව නිවේදනය කළ අතර අමෙරිකානු බලධාරීන්ට අනුව තීරුබදු ප්‍රතිශත අගෝස්තු මස පළමුවැනිදා සිට ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය විසින් පසුගිය 2009 වසරේදී පිහිටුවාගත් BRICS සංවිධානයට පසුකාලීනව දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊට සම්බන්ධ විය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka