gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනමාධ්‍ය ප්‍රතිපත්ති හදන්න එකතුවෙන්න, පනත් 2ක් අයින් කරන්නැයි මාධ්‍ය සංවිධාන 7ක් කියයි

මාර්ගත සුරක්ෂන පනත, විද්යුත් විකාශන අධිකාරී පනත ඉවත් කළහොත් පමණක් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සැකසීමට සහාය දෙන බවට මාධ්‍ය සංවිධාන 07ක් ඒකාබද්ධව ප්‍රවෘති දෙපාර්තමේන්තුවට ලිපියක් බාර දී තිබේ.

අදාළ ඉල්ලීම කර ඇත්තේ නිදහස් මාධ්‍ය සංසදය (Free Media Forum), ජනමාධ්‍ය සාමූහිකය (Media Collective), තරුණ ක්‍රිස්තියානි ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Young Christian Journalists Association), ශ්‍රී ලංකා යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වෘත්තීය එකමුතුව (Sri Lanka Professional Youtube Vloggerlists Association), වතු කම්කරුවන්ගේ ප්‍රජා මාධ්‍ය සංසදය (Plantation Workers’ Community Media Forum), සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සංසදය (Social Media Activists Forum), දුරකථන මාධ්‍ය සමාජය (MOJO Media Club) යන සංවිධාන ඒකාබද්ධව සැදුණු ‘‘ජනමාධ්‍ය සමාජය” (Media Society) මාධ්‍ය සංවිධාන එකමුතුව විසිනි.

ඔවුන් විසින් එහිදී වත්මන් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත අධ්‍යයනය කරමින් ඒ සදහා යෝජනා මාලාවක් ලබා දී ඇති අතර එම යෝජනා අතරේ මාර්ගගත සුරක්ෂන පනත, විද්යුත් විකාශන අධිකාරී පනත ඉවත් කළහොත් පමණක් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සැකසීම සදහා සහාය දෙන බව සදහන් කර තිබීම විශේෂත්වයකි.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමේදී මගහැරී ඇති ඩිජිටල්කරණයේ ප්‍රධාන අංගයක් වන දුරකථන හා අන්තර්ජාල පහසුකම් සදහා ජාතික ප්‍රත්පත්තියක් හා නියාමනයක් ඇති කිරීමද, ප්‍රජා මාධ්‍යකරණය, දුරකථනය භාවිතයෙන් මාධ්‍ය වාර්තාකරණය (MOJO) සම්බන්ධවද, මාධයවේදීන්ට අමතරව ඩිජිටල් ක්ෂේත්‍රයේ සිටින Youtube ඇතුලු සියලු ඩිජිටල් නිර්මාණකරුවන් වෙනුවෙන්ද ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තුළ පුළුල් අවදානය යොමුවිය යුතු බව මාධ්‍ය සංවිධාන එකමුතුවේ කැදවුම්කරු මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා සදහන් කර තිබේ.

බදු වෙනුවට – බදු සහන ඉල්ලයි

රට තුළට විදේශ විනිමය මිලියන ගණනින් රැගෙන එන නිර්මාණකරුවන් ඇතුළු ඩිජිටල් නිර්මාණකරුවන්ට 18% ක බද්දක් පැනවීම නොව ඔවුන්ට විධිමත් පුහුණුව මගින් Local Contents වෙනුවට International Contents සැකසීමට පුහුණු කර බදු සහන ඇතිව මාධ්‍ය උපකරණ ලබා ගැනීමට සලස්වා ලංකාවේ ඩිජිටල් නිර්මාණකරුවන්ගේ ප්‍රමාණය තවත් පුළුල් කළ හැකි නම් රටට මේ ලැබෙන විදේශ විනිමයද බිලියන ගණනින් ඉපයීමට හැකි කර්මාන්තයක් බවට ඩිජිටල් කර්මාන්තය පත්කරගත හැකි බව ඔහු එහිදී පෙන්වාදී තිබේ.

දැන්වීම් නියාමන කොමිසමක් දාන්න..

එසේම ලංකාවේ ජනමාධ්‍ය පාලනය කරමින් ක්‍රියාකරන දැන්වීම් සදහාද යම් නියාමනයක් කරමින් දැන්වීම් මගින් පාරිභෝගිකයින් රැවටීම, නොමඟ යැවීම, බලපෑම් කිරීම, ව්‍යාජ හා සාවද්‍ය කරුණු හරහා පෙළඹවීම්, පාරිභෝගිකයින්ට නුසුදුසු භාණ්ඩ අලෙවිය වැනි සියල්ල විධිමත්ව නියාමනය කිරීමට ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් බවට පත්කර එයට සම්බන්ධ කර ‘‘දැන්වීම් නියාමන කොමිසමක්’’ ඇති කරන ලෙසද එම සංවිධාන එකමුතුව ඉල්ලා ඇත.











gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka